මෙහෙවර
දැක්ම

අධ්‍යක්ෂකතුමාගේ පණිවිඩය

ඩබ්.එම්.ජී.ඉන්දික මයා
පළාත් සංස්කෘතික අධ්‍යක්ෂකතුමා (වැ.බ )
උතුරුමැද පළාතේ පළාත් සංස්කෘතික දෙපාර්තමේන්තුව මගින් දැහැමි ,කලාකාමී හා අභිමානවත් සමාජයක් බිහි කිරීම සඳහා වන මෙහෙවර ඉටු කිරීම සඳහා කැපවීමෙන් සිය කාර්යයන් සංවිධානය කරනු ලබයි. එමෙන්ම සංස්කෘතිකාංග ගරු කරන සාරධර්ම සපිරි සමාජයක් ,සෞභාග්‍යමත් පළාතක් යන දැක්ම පෙරදැරි කොටගෙන පළාත තුළ කලාව, සාහිත්‍යය හා සංස්කෘතික හරයන් පෝෂණය කිරීමෙහිලා උත්සුක වී සිටින්නෙමු.
කලාව, සාහිත්‍ය, සංස්කෘතිය මනුෂ්‍ය චිත්ත සන්තානය වඩාත් මෘදුව ස්පර්ශ කරන මාධ්‍යයක් වන බැවින් ,මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වඩා මානසික තෘප්තියකින් හා සංවේදීව ඉටු කළ හැකිවීම භාග්‍යයකි.
උතුරුමැද පළාතේ ඉපැරණි ශ්‍රී විභූතියේ නටබුන් අතරින් කලාවේ, සාහිත්‍යයේ නැවුම් සුළඟ හමා යන අයුරු අත්විඳීමට ලැබීමට ලැබීමම සුපහන් හැගුමක් වන අතර, හුදෙක් රාජකාරි ඉටු කිරීමේ සීමාවෙන් ඔබ්බෙහි වන සීමාවක් කරා ගෙනයන්නෙකි .ඉදින් , සංස්කෘතික දෙපාර්තමේන්තුව එක්ව ගමනක් යන්නට සහෘද සියලු දෙනාට ආරාධනා කරමි .

තොරතුරු දැන ගැනීමේ නිළධාරි
පරිපාලන නිලධාරි – එම්.ජී.එස්.ප්‍රේමචන්ද්‍ර මයා



